ආහාර අර්බුදයට විසඳුම්

ජූනි 21, 2022

    ඉදිරියේදී ඇති විය හැකි ආහාර අර්බුදයට මුහුණදීම සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දිස්ත්‍රික්කය තුළ වැඩසටහන් රැසක් ආරම්භ කර තිබේ. ඒ පිළිබඳ මාධ්‍ය සාකච්ජාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ පැවැත්විණ.

    නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල මෙන්ම, ආගමික ස්ථානවල,වැඩිහිටි නිවාස සතු භූමි ප්‍රදේශවලද මෙම වැඩසටහන රාජ්‍ය හා පෞද්ගලික අංශයේද දායකත්වයෙන් ක්‍රියාත්මක කෙරේ. මෙහි මූලික අරමුණක් වන්නේ, වගා අලෙවිය සදහා නොව, හුවමාරුව තුළින් ප්‍රතිලාභ ලැබීමට සැළැස්වීමයි.

    එළවළු හා අල භෝග වගාව ව්‍යාප්ත කිරීමට මේ වන විටත් පියවර රැසක් ගෙන තිබේ. දේශීය වැල් අල භෝග අක්කර 100ක භූමි ප්‍රමාණයක වගා කිරීමට නියමිතයි.

    වගා තාක්ෂණය ග්‍රාමීය ප්‍රදේශවලට රැගෙන යාම සඳහා ඩිජිටල්කරණ වැඩසටහනක්ද ක්‍රියාත්මක කර ඇති අතර කෘෂි ඇඩ්වයිස් ඇප් ඔස්සේ ඕනෑම අයෙකුට තොරතුරු ලබා ගැනීමට ද පහසුකම් සළසා තිබේ.

    කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න, දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සේනක පී සිල්වා, කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල නාගහවත්ත යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම සාකච්ජාවට එක්ව සිටියේය. 

    Latest News