විදේශීය ආයෝජකයන්ට පස් අවුරුදු වීසා පහසුකම්

ජූනි 21, 2022

    විදේශීය ආයෝජකයන් දිරිගන්වමින් රටේ විදේශ විනිමය වර්ධනය කිරීම ඉලක්ක කරගත් ආයෝජකයන් සඳහා වූ පස් අවුරුදු වීසා පහසුකම් දීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.

    ඒ අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන අතර ඒ සඳහා අනුමැතිය ද හිමිව ඇත.

    එම විශේෂ යෝජනා ක්‍රමය යටතේ පළමු පස් අවුරුදු වීසා පහසුකම ගැනීමට මෙරට ප්‍රමුඛ විදෙස් ආයෝජන සමාගමක් වන සීමාසහිත බේලි ඉන්වෙස්ට්මන්ට් ලංකා (පෞද්ගලික) සමාගමේ අධ්‍යක්ෂ චෞ යින් මන් මහතා සමත්ව තිබේ. 

    ශ්‍රී ලංකා රුපියල් මිලියන 22,000 (ඇමෙරිකානු ඩොලර් මිලියන 60)ක ආයෝජනයකින් සමන්විත රාජගිරියේ සුඛෝපභෝගී මහල් නිවාස ඒකක 1,200කින් හෙබි දැවැන්ත මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතියේ හිමිකාරිත්වය උසුලන චීන සමාගමක් වන බේලි ඉන්වෙස්ට්මන්ට් ලංකා (පෞද්ගලික) සමාගම ආසියානු කලාපය තුළ සාර්ථකම නිවාස ව්‍යාපෘති දියත් කොට ඇති සමාගමකි. 

    Latest News