ඉදිරි දින තුන අත්‍යවශ්‍ය කරුණක් හැර වෙනත් කරුණු සඳහා පෙට්‍රල් ලබා ගැනීමට පෝලිම්වල නොසිටින්නැයි අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

දැනට ලැබී ඇති සහ ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිත ඉන්ධන තොග ක්‍රමවත්ව දිවයින පුරා ඉන්ධන හල් වෙත බෙදාහැරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි.

ත්‍රිරෝද රථ සඳහා භාවිත කළ හැකි අඩු වියදම් පෙට්‍රල් වර්ගයක් ඉදිරි මාසයේදී හඳුන්වා දීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

Latest News