ශ්‍රී ලංකා-ද. අප්‍රිකා තීරණාත්මක එක්දින තරගයට

මාර් 10, 2019

    ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය අද ඩර්බන්හිදී පැවැත්වේ.

    තරගාවලියේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම්, ශ්‍රී ලංකාව අද තරගය අනිවාර්ය යෙන්ම ජයගත යුතුව ඇත. තරගයට සූදානම් වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඊයේ අවසන් පුහුණු සැසියට සහභාගි වුණා. ශ්‍රී ලංකාවත් දකුණු අප්‍රිකාවත් අතර අද පැවැත්වෙන්නේ 74 වැනි එක්දින ජාත්‍යන්තර තරගයයි. ඉන් තරග 40ක් දකුණු අප්‍රිකාව ජයගත් අතර, ශ්‍රී ලංකාව ජයගෙන තිබෙන්නේ තරග 31ක් පමණයි.

    ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවේ දී එරටට එරෙහිව තරග 30ක් ක්‍රීඩා කර තිබේ. ඉන් තරග 22ක් දකුණු අප්‍රිකාව ජයගත් අතර, ශ්‍රී ලංකාවට ජය හිමිවුණේ තරග 7ක පමණි. මේ අතර 2019 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 5කට ක්‍රීඩා කර තිබෙන අතර, තවමත් එක් තරගයක් හෝ ජයගෙන නැහැ. මෙම තරගාවලියේ පළමු තරගයෙන් දකුණු අප්‍රිකාව කඩුලු 08ක ජයක් වාර්තා කළ අතර, දෙවැනි තරගය දකුණු අප්‍රිකාව ජයගත්තේ ලකුණු 113කින්.

    ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තුන්වැනි එක්දින තරගය අද සවස 1.30 සිට රූපවාහිනී අයි නාලිකාවෙන් සජීව ලෙස නැරඹිය හැක.

    Last modified on ඉරිදා, 10 මාර්තු 2019 13:36

    Latest News