අදත් ගෑස් බෙදාහැරීමක් නැහැ - ලිට්‍රෝ සමාගම

ජූනි 13, 2022

    අද (13) දිනයේත් ගෑස් බෙදා හැරීමක් සිදු නොවන බැවින් ගෑස් පොලීම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම ජනතාවට දැනුම් දෙයි.

    මේ වන විට මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇති ගෑස් මෙට්‍රික්ටොන් 3,900ක් අඩංගු නෞකාවේ ඇති ගෑස් තොගය ගොඩබෑමට තවමත් නොහැකිව ඇති බවයි, වාර්තා වන්නේ.
    ඒ සඳහා ඩොලර් මිලියන 2.5ක් ගෙවිය යුතු අතර මේ වන විට එම නෞකාව සඳහා අද දිනය ද ඇතුළුව දින 6ක ප්‍රමාද ගාස්තුද ගෙවීමට සිදුව තිබේ.

    Last modified on සදුදා, 13 ජූනි 2022 09:59

    Latest News