ධම්මික පෙරේරාගේ නම පා. මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් කිරීමට පියවර

ජූනි 10, 2022

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ධම්මික පෙරේරා මහතාගේ නම ගැසට් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇති බව වාර්තාවේ.

    බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් හිස් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ධම්මික පෙරේරා මහතා ගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් මැතිවරණ කොමිසම වෙත අද උදෑසන ලිපියකින් දැනුම් දුන්නා.

    ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් වෙනුවෙන් මැතිවරණ කොමිසමට යොමු කළ ධම්මික පෙරේරාගේ නම එම කොමිසම විසින් පිළිගෙන තිබෙනවා.

    අද රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.

    Eleco-commision.jpg

    ව්‍යවස්ථාවේ 99(අ) ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් තෝරා පත්කර ගන්නා ද බැසිල් රෝහණ රාජපක්ෂ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වී ඇති මන්ත්‍රී ධුරය සඳහා 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (5) වගන්තිය ප්‍රකාරව කුලප්පු ආරච්චිගේ දොන් ධම්මික පෙරේරා පත් කර ගැනීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමටයි මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ.

    ඒ අතර ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම ද සිදු වූ අතර ඔහු, ඔහුට අයත් සියලු සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති බව ද වාර්තාවේ.

    Dhammika-membership.jpg

     

    Latest News