අති විශේෂ ගැසට් එකකින් ශ්‍රි ලන්කන් සහ විදුලි සංදේශ නියාමන වෙනසක්

මාර් 09, 2019

    ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    මාර්තු 07 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

    සීමාසහිත ශ්‍රි ලංකන් එයාර් ලයින් සමාගම සහ එහි පාලිත සමාගම් ද මෙම ගැසට් නිවේදනයෙන් මුදල් අමාත්‍යංශය යටතට පවරා තිබේ. රන්මිනිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා උද්‍යනය නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතට පවරා ඇති බව සඳහන්.

    විදුලි සංදේශ රැකියා සහ ක්‍රිඩා අමාත්‍ය ශීර්ෂය යටතට ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගම සහ එහි පාලිත සමගම් සහ ආශ්‍රිත ආයතන ඇතුළත් කර තිබේ.

    Latest News