ශෂී වීරවංශගේ ඇප ඉල්ලීම හෙටට කල්යයි

මැයි 30, 2022

    සිර දඬුවම් නියම වී සිටින ශෂී වීරවංශ මහත්මිය ඇපමත මුදාහරින ලෙස ඉල්ලා ඇයගේ නීතිඥවරුන් විසින් ගොනුකර තිබෙන ඇප ඉල්ලීම හෙට දින සලකා බැලීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දින නියම කළා.

    මෙම ඉල්ලීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරන ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අමරසිංහ මහතා විසින් නීතිපතිවරයා වෙත නොතීසි ද නිකුත් කර තිබෙනවා.

    අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු ශෂී වීරවංශ මහත්මියට ඉකුත් සිකුරාදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් වසර දෙකක බරපතළ සිරදඬුවම් හා රුපියල් ලක්ෂයක දඩයක් නියම කළා.

    එම දඬුවමට එරෙහිව ශෂී වීරවංශ මහත්මිය ගේ නීතිඥවරු විසින් ඉකුත් සිකුරාදා අභියාචනයක් ඉදිරිපත් කළා.

    එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු ශෂී වීරවංශ මහත්මිය ඇපමත මුදාහරින ලෙස ඉල්ලමින් ඇයගේ නීතිඥවරුන් විසින් මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබෙනවා.

    Latest News