සපුගස්කන්දෙන් දිනපතා ඉන්ධන

මැයි 30, 2022

    සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවෙන් අද (30) සිට දිනපතා භූමිතෙල් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 600ත් 800ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

    මේ වන විට කොළඹ වරායේ නැංගුරම් ලා ඇති මෙට්‍රික් ටොන් 79,000ක් අඩංගු බොරතෙල් නෞකාවෙන් ඉන්ධන ගොඩබෑම සිදුවන බැවින් පිරිපහදුවේ ඉන්ධන නිෂ්පාදනය කිරීම ආරම්භ කල බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේය.

    ඊළඟ ඩීසල් නැව ලංකාවට ළඟාවීමට පෙර තෙල් පිරිපහදුවෙන් ඩීසල් නිෂ්පාදනය කළ හැකි බවට විශ්වාස කරන බව ද අමාත්‍යවරයා පසුගියදා අමාත්‍යංශයේ පැවත්වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

    Latest News