ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්...

මැයි 08, 2022

     

    ගිණිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්ව, අද (08) දිනයේ නැගෙනහිර, මධ්‍යම බෙංගාල බොක්ක හරහා චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    මේ පිළිබඳ ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් සිටින ලෙසයි, එම දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ අනුව, ඊට අදාළ මුහුදු ප්‍රදේශයේ තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ හටගත හැකියි. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70-80ක් අතර විය හැක. එය විටින් විට පැයට කිලෝමීටර් 90 දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දැනටමත් මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරතව සිටින පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයන් වෙත පැමිණෙන ලෙසයි, ඉල්ලා සිටින්නේ. මීට අමතරව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂාකළ හැකි බවට කාලගුණ නිවේදනයේ සඳහන්.

    Latest News