ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු හෙට(09) සිට යළි ඇරඹේ...

මැයි 08, 2022

    ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ අත්හිටුවා තිබූ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු හෙට(09) සිට යලි ආරම්භ කෙරෙනවා.

    එක්දින සේවය හැර සාමාන්‍ය සේවය යටතේ පමණක් මෙය ආරම්භ කරන බවයි, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. පරිගණක පද්ධතියේ සිදුකරනු ලබන හිදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබුණා.

    හෙට දිනයේ බාරගැනීමට කටයුුතු කරන්නේ මැයි 05,06 සහ 09 යන දිනයන්හි සාමාන්‍ය සේවාය යටතේ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා වේලාවක් වෙන්කරගත් අයදුම් කරුවන්ටයි. මැයි 05වැනි දින සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබාගැනී සඳහා අයදුම්පත් බාරදීමට පැමිණි දෙපාර්තමේන්තුවෙන් අංකයක් හෝ මුද්‍රාවක් ලබාගත් අයදුම්කරුවන්ගේ අයැදුම්පත්වලට පමණක් මෙය අදාළ වන බවයි, එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

    10වැනි අඟහරුවාදා සිට ගමන් බලපත්‍ර අයදුම්පත් බාරදීම සඳහා දිනයක් හා වේලවක් වෙන්කර ගැනීම අනිවාර්යයි. www.immigration.gov.lk වෙබ් අඩවියට පිවිස හෝ 070 710 10 60 යන දුරකතන අංකය ඇමතීමෙන් සේවා ලබාගත හැකියි.

    Latest News