අලුයම හාලිඇල කැටවල හන්දියේදි සැකකරුවන් තිදෙනෙක් සමග අත්අඩංගුවට ගත් මෙම කසිප්පු තොගය බොතල් 196 ක ප්රමාණයකින් යුක්ත බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 37, 38 සහ 28 යන වයස් කාණ්වල පසුවන හාලිඇල සහ රොසට්වත්තේ පදිංචිකරුවන් වේ. සැකකරුවන් ගෙන් කළ ප්රශ්ණ කිරීම්වලදි මෙම කසිප්පු නිපදවු ස්ථානය වන ලෙජර්වත්ත නමැති තේවත්තේ මීරියබැද්ද කොටසේ ජලඋල්පත සහිත ස්ථානයක් වැටලූ පොලිසිය එහි තිබී කසිප්පු පෙරිමට උපයෝගි කරගන්නා උපකරණ වතුර බට හා බැරල් සොයාගෙන තිබේ. මෙහි නිපදවන කසිප්පු ඌව වතුකරයේ තේවතු කීපයකට බෙදාහරින බවටද සැකකරුවන් හෙළිකළ බව පොලිසිය සදහන් කරයි.