නම් දෙකක් යෝජනාවීම නිසා නියෝජ්‍ය කථානායක තේරීමට ඡන්දයක්

මැයි 05, 2022

    නියෝජ්‍ය කථානායක ධූරය සඳහා නම් දෙකක් ඉදිරිපත් වීම හේතුවෙන් ඡන්දයකට යෑමට සිදුවන බව කථානායකවරයා පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතාගේ නම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා විසින් යෝජනා කළ අතර, එය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විසින් ස්ථීර කළේය.

    විපක්ෂ වෙනුවෙන් ඉමිතියාස් බාකිර් මාකර් මහතාව සමගි ජන බලවේගයේ රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් යෝජනා කළ අතර එම යෝජනාව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ස්ථීර කළේය.

    නියෝජ්‍ය කථානායක ධූරයට නම් දෙකක් යෝජනා වීම හේතුවෙන් ඡන්ද විමසීමකට යෑමට සිදුවන බව ඒ අනුව කථානායකවරයා සඳහන් කළේය. 

    Last modified on බ්‍රහස්පතින්දා, 05 මැයි 2022 11:12

    Latest News