කුලියාපිටිය ඩිෆෙන්ඩර් අනතුරේ රියදුරුට ඇප

මැයි 03, 2022

    යතුරුපැදියක් හා ඩිෆෙන්ඩර් රථයක් ගැටීමෙන් සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඩිෆෙන්ඩර් රථයේ රියදුරු කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්‍ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ.

    ඒ කුලියාපිටිය වැඩ බලන මහේස්ත‍්‍රාත් බන්ධුල විජේසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

    මෙසේ ඇපමත මුදා හැරිය බිමල් තරංග විජේසිරි නමැත්තෙකි.

    මුල් අවස්ථාවේදී රථය පැදවූ රියදුරු සම්බන්ධව මතුව තිබූ ගැටලූව හේතුවෙන් රථයේ ගමන්ගත් 14 හැවිරිදි දරුවකු සමගින් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබූ අතර වීඩියෝ දසුන් නිරීක්‍ෂණය කිරීමෙන් පසු රථයේ හිමිකරු අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

    එහිදී පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ සැකකරු අධික වේගයෙන් නොසැලකිළිමත් ලෙසින් රිය පැදවීම හේතුවෙන් අදාළ අනතුර සිදුව ඇති බවයි.

    Latest News