ඉන්ධන බෙදාහැරීම ගැන ඇමතිගෙන් නිවේදනයක්

මැයි 02, 2022

    ඉන්ධන බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තවල හා ඩි‍පෝවල මෙහෙයුම් සිදුවෙමින් පවතින බව බලශක්ති අමාත්‍ය, කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කරයි.

    දුම්රිය හා රජය සතු බවුසර්, පෞද්ගලික බවුසර්හිමියන් යොදාගනිමින් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකෙරෙන බව ද අමාත්‍යවරයා පවසයි.

    එමෙන්ම වර්ජනයේ යෙදි සිටින ඇතැම් පෞද්ගලික කුලී බවුසර් හිමියන් බෙදාහැරීමේ කටයුතුවලට බාධා කරන බවට හඳුනාගෙන ඇති බව ද කංචන විජේසේකර තැබූ නිවේදනයේ සඳහන්.

     

    මේ අතර, තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.

    පෙරේදා මධ්‍යම රාත්‍රීයේ සිට ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළ අතර ප්‍රවාහන ගාස්තු ඉහළ දමන තෙක් තම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ඔවුන් පවසන්නේ.

    Latest News