ගල් අගුරු මෙට්‍රික්ටොන් එක් ලක්ෂ 20,000ක් ‍ගොඩබෑම ඇරඹේ

අප්‍රේ 20, 2022

    මෙරටට රැගෙන ආ ගල් අඟුරු මෙට්‍රික්ටොන් එක් ලක්ෂ 20,000ක් ගොඩබෑමේ කටයුතු ආරම්භ කළ බව, අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. ගල් අගුරු රැගත් යාත්‍රා දෙක සඳහා ගෙවා ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 38ක්. එළඹෙන මෝසම් වැසි සමයට පෙර අවශ්‍ය ගල් අගුරු අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමට මින් හැකි වෙයි.

    ජෙට් ඉන්ධන සහ ඩීසල් යාත්‍රා දෙකක ගොඩබෑම් ද ආරම්භ කර ඇති බවයි, අමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩයේ දැඩිදුරටත් කියා සිටින්නේ.

    Latest News