2022 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීම අද

අප්‍රේ 19, 2022

    2022 වර්ෂය සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කරගැනීම අද (19) සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් ලලිතා එගොඩවෙල මහත්මිය පවසන්නේ, දිවයින පුරා පාසල්වල විදුහල්පතිවරුන් වෙත ඒ සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර ඇති බවයි.

    ළමුන් භාර ගැනීමට අදාළව සිදුකරන උත්සව වැඩසටහන් පාසල් මට්ටමින් සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් දී ඇත.

    කෙසේ වෙතත්, අභියාචනා ලැයිස්තු සම්බන්ධයෙන් ගැටලු පවතින පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ කටයුතුවල යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව ද අතිරේක ලේකම්වරිය පැවසුවාය. 

    Latest News