නව පාසල් වාරය අද ඇරඹේ

අප්‍රේ 18, 2022

    අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අද (18) සිට ආරම්භ වෙයි. එහෙත්, අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිත තිබූ අතිරේක පැයක පාසල් කාලය අත්හිටවූ බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    ඒ අනූව, පාසල් පැවැත්වීම සාමාන්‍ය පරිදි පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා සිදු කෙරේ.

    මේ අතර , 2022 වර්ෂයේ සිංහල සහ දෙමළ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම හෙට (19) සිට සිදු කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    මුස්ලිම් පාසල් සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගන්නේ ලබන මැයි මස 05 වැනිදා ය. 

    Latest News