අවුරුදද්ට 19 වැනිදා දක්වා විශේෂ බස්රථ සේවාවක්

අප්‍රේ 11, 2022

    අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් 19 වැනිදා දක්වා පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ බස්රථ සේවාවක් ක්‍රියාවට නංවන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

    ජාතික ගමනාගමන කොමිසම යටතේ ලියාපදිංචි, දුරගමන් සේවා සඳහා අනියුක්ත කර ඇති මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථ සඳහා ද ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ 04 කින් ඉන්ධන ලබාදෙන බවත් ඔහු පවසයි.

    මේ අතර, මාකුඹුර සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගම්බිම් බලා ජනතාව වෙනුවෙන් ද විශේෂ ගමන්වාර ක්‍රියාත්මක කර තිබේ. ඒ අනූව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය පැය 24 පුරා ක්‍රියාත්මක බවත් එම මධ්‍යස්ථානයේ ව්‍යාපෘති කළමනාකරු නාලක දිසානායක පවසයි.

    මේ අතර ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් කොළඹ කොටුවේ සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ද ක්‍රියාත්මකයි. දැනට ධාවනය කෙරෙන දුම්රිය සඳහා මැදිරි කිහිපයක් එක් කිරීමට ද සැලසුම් කර ඇති බවයි, දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කරන්නේ.

    Latest News