පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි...

අප්‍රේ 03, 2022

    බස්නාහිර, මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් වව්නියාව, මන්නාරම, බදුල්ල සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් තැනිත් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.

    මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මි. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැක. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    Latest News