අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

අප්‍රේ 01, 2022

    කොවිඩ්19 තත්වයට මුහුණු දීමට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ලබා දී තිබේ.

    රටතුළ පවත්නා කොවිඩ්-19 වසංගත තත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ හා ශල්‍ය උපකරණ තොගයක් ඖෂධ නිෂ්පාදනය, සැපයීම නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයේදි භාර දී ඇත.

    ශ්‍රී ලංකාවේ සමග මිත්‍රශීලී රටවල් වශයෙන් කටයුතු කරන චීනය, ජර්මනිය, ඊශ්‍රායලය, ජෝර්දානය හා නොර්වේ යන රටවල්වලින් ලැබුණු මෙම වෛද්‍ය උපකරණ රෝහල් අතර බෙදාදීම සඳහා ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු කරනු ඇති.

    මෙම ලැබුණු උපකරණ තොගයට, BIPAP Machines,Oxygen Cylinders, Regulators, Connector, Pulse Oximeters, Face Masks, KN95 Masks, Rapid Antigen Test Kits, RAT Kits, Nebulizers,Gloves, Face shields, Hyflex Gloves, SelefaPe Gloves, Thermometers ඇතුළත්වේ.

    Latest News