කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනන කටයුතු ඇරඹේ

අප්‍රේ 01, 2022

    කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනන කටයුතු අද උදෑසන 8.00ට පමණ යළි ආරම්භ කෙරිණ. එම බලාගාරයට අවශ්‍ය ඩීසල් ලීටර මිලියන 1 යි දශම 2 ක තොගයක් ලැබීමත් සමගයි.

    එම ඩීසල් තොගයෙන් කැලණිතිස්ස විදුලි බලාගාරයේ ජී ටී 07, විදුලි ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කර තිබේ. එම ඩීසල් තොගය කැලණිතිස්ස බලාගාරයේ පැය 36 ක විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.

    ඊයේ පස්වරුවේදීයි, ඩීසල් නොමැතිවීම හේතුවෙන් කැළණිතිස්ස බලාගාරය සම්පූර්ණයෙන් අක්‍රීය විය.

    Latest News