සිංගප්පූරු ප්‍රජාවගෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

ඔක් 08, 2021

    ඔක්සිජන් සාන්ද්‍රක යන්ත්‍ර 250ක් ඇතුළත් 'කොවිඩ්-19' ආශ්‍රිත වෛද්‍ය උපකරණ තොගයක් හෙන්රි බේයි මහතා සහ සිංගප්පූරු හිතවතුන් පිරිසකගෙන් පරිත්‍යාග වශයෙන් ලබා ගත්තේය.

    සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ ආගමික උපදේශක පූජ්‍යපාද (ආචාර්ය) කේ. ගුණරතන ස්වාමීන් වහන්සේගේ සහයෝගය ඇතිව මෙම ප්‍රදානය සිදු කෙ‍රිණ.

    එමෙන්ම, රකුවෙල් රූහි තකහෂි මහත්මිය විසින් පරිත්‍යාග කරන ලද ඔක්සිජන් සාන්ද්‍රක යන්ත්‍ර 20ක් ද ඒ සඳහා ලැබිණි. සිංගප්පූරුවෙන් ලැබුණු මෙම පරිත්‍යාගය කොළඹ විදේශ අමාත්‍යංශයේ පැවැති උත්සවයක දී භාර දෙන ලදි.

    සිංගප්පූරුවේ ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් ජනරාල් ජයන්ත ධර්මදාස මහතා විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා වෙත මෙම පරිත්‍යාගය භාර දුන්නේය.

    ඉන් අනතුරුව එය ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමාට සහ රාජ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය ආර්.එම්.එස්.කේ.රත්නායක මහතාට භාර දෙන ලදි.

    සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මෙම පරිත්‍යාගය ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අනුග්‍රහය ඇතිව ගුවන් මඟින් එවීමට කටයුතු කළේය.

    Latest News