මහ කන්නයේ මිලදී ගත් වී තොග, සහල් බවට...(වීඩියෝ)

අප්‍රේ 01, 2022
  • වී අලෙවි මණ්ඩලය 2021-2022 මහ කන්නයේ දී මිලදී ගත් වී තොග සහල් බවට පත් කිරීම සඳහා සතොස සහ සමූපකාර වෙත මුදා හැරීමට පියවර ගෙන තිබෙනවා.

    එළඹෙන අලුත් අවුරුදු සමයේ වෙළෙඳපොළ තුල සහල් මිල ඉහළ යාම වැළැක්වීම අරමුණයි. වී අලෙවි මණ්ඩලය 2021-2022 මහ කන්නයේ දී මිලදී ගත් වී තොග සහල් බවට පත් කිරීම සඳහා සතොස සහ සමූපකාර වෙත මුදා හැරීමට පියවර ගෙන තිබෙනවා. එළඹෙන අලුත් අවුරුදු සමයේ වෙළෙඳපොළතුල සහල් මිල ඉහළ යාම වැළැක්වීම අරමුණයි.
    වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇත්තේ, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදෙස් අනුවයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් 2021-2022 මහ කන්නයේ දී මිලදී ගැනුණු වී මෙට්‍රික් ටොන් 4,660ක ප්‍රමාණයක් සහල් බවට පත්කර වෙළෙඳපොළට මුදා හැරෙනවා. වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා සඳහන් කළේ, අදාළ වී තොග සතොස, සමූපකාර හා ෆුට් සිටි වෙත මුදා හැරීමට පියවර ගෙන ඇති බවයි. එම දිස්ත්‍රික්කයේ වී ගබඩාවල සියලු වී තොග මුදා හැරීම ආරම්භ කර ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.

    Latest News