බලශක්ති ඇමතිගේ රියදුරෙකු ඝාතනය කෙරේ

මාර් 22, 2022

    අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියැදුරෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු ඊයේ ඝාතනයට ලක්ව තිබේ. ඔහු කැස්බෑව, මාවිත්තර, ගම්මානවත්ත පාරේ පදිංචි 41 හැවිරිදි අයෙක්.

    මියගිය පුද්ගලයාගේ නිවස ඉදිරිපිට මාර්ගයේ ඊයේ පස්වරුවේ යතුරුපැදියක් වේගයෙන් අනතුරුදායක ලෙස ධාවනය කිරීම නිසා එසේ සිදු නොකරන ලෙස ඔහු යතුරුපැදිකරුට දැනුම් දී තිබේ.

    ඊට උරණ වූ යතුරුපැදිකරු ඔහුගේ පියා,වැඩිමහල් සොහොයුරා, මව සහ තවත් නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු සමග පැමිණ මරණකරුට පොල්ලකින් හා කඩුවකින් පහර දී ඇති බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.

    බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. සැකකරුවන් සියලුදෙනා මේ වන විට ප්‍රදේශයෙන් පළා ‍ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කැස්බෑව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    Latest News