හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේ ඉදිකළ චෛත්‍යයේ කොත්වහන්සේ නිරාවරණය කෙරේ

මාර් 16, 2022

    හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අභිනවයෙන් ඉදි කළ චෛත්‍යයේ කොත්වහන්සේ නිරාවරණය කරන අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16) දින සහභාගී විය.

    වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙහි දී සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ චෛත්‍යයේ කොත්වහන්සේ නිරාවරණය කරන ලදි.

    අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අභිනව චෛත්‍යට ප්‍රථම මල් පූජාව පැවැත්වීය.

    කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක ස්වාමීන්වහන්සේ, මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩවිජිතසිරි අනු නායක ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙහි වැඩම කළහ.

    චෛත්‍යයේ කොත්වහන්සේ නිරාවරණය කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාවක් පැවැත්විණි. ඊට වැඩම කළ මහා සංඝරත්නය සමඟ අග්‍රාමාත්‍යතුමා සුහඳ කතාබහක නිරත විය.

    අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහත්වරු සහ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පති කසුන් ගුණරත්න මහතා ඇතුළු විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය සහ සිසු දරුවෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News