නෞකා දෙකකින් ගෑස් ගොඩබෑම ඇරඹේ

මාර් 11, 2022

    ගෑස් මෙට්‍රික් ටොන් 7,000 ක් අඩංගු නෞකා දෙකකින් ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කළ බව ලිට්‍රෝ සමාගම පවසයි.

    අද පෙරවරුවේ සිට ගෑස් නිෂ්පාදනය කිරීම සහ බෙදා හැරීමේ කටයුතු සිදු කරන බවයි,එහි සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කළේ.

    දින කිහිපයක සිට කෙරවළපිටිය හැඳල මුහුදු තීරයේ නැංගුරම්ලා තිබු මෙම නෞකා සඳහා අදාළ ගෙවීම් කටයුතු පිළිබඳ ගැටලුවක් මතුව තිබුන ද එය මේ වන විට නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව අදාළ ගෑස් නෞකා නිදහස් කර ගත් බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සඳහන් කරයි.

    Latest News