'උදයදේවි' පීලිපැනීමෙන් සවස් වන තුරු දුම්රිය ප්‍රමාදයක්

මාර් 11, 2022

    මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ උදයදේවි සීඝ්‍රගාමී දුම්රිය පොල්ගහවෙල සහ වලකුඹුර අතර ඊයේ පීලි පැනීමට ලක්වීමෙන් නිසා හානි වූ දුම්රිය මාර්ගය මේ වන විටත් පිළිසකර කරමින් පවතියි. මේ හේතුවෙන් තවදුරටත් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    උතුරු දුම්රිය මාර්ගයේ පැමිණි දුම්රියන්ද උඩරට මාර්⁣ගයේ දුම්රියන් කිහිපයක්ද පොල්ගහවෙල ස්ථානයේ ප්‍රමාද වී ධාවනය වනු ඇති.

    මේ හේතුවෙන් අලව්ව - පොල්ගහවෙල අතර එක් මාර්ගයක දුම්රිය ධාවනය කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ.

    දුම්රියේ පිටුපස මැදිරි දෙකක් පීලිපැනීමට ලක්ව ඇත්තේ, ඊයේ (10) පස්වරු 2.30ට පමණ. දුම්රිය මාර්ගයේ කොන්ක්‍රීඩ් කොට 433කට සහ රේල්පීලිවලටත් හානි සිදුව තිබේ. ‍

    අද සවස වන විට දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කිරීමට හැකිවනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    Latest News