මිල්කෝ-බහු ජාතික සමාගම් ගිල ගැනීමක් නෑ

මාර් 02, 2019

    “සෙන්ටර් ලයින්“ විශේෂාංගයෙන් අද ප්‍රශ්න කෙරෙන්නේ, මිල්කෝ සමාගමේ සභාපති කීර්ති මිහිරිපැන්න මහතාගෙන්....

    බහුජාතික සමාගම් විසින් මිල්කෝ එක ගිලිගෙන තියෙනවා?
    නැහැ එහෙම තත්වයක් නැහැ. 

    එතකොට දේශීය කිරිපිටි කර්මාන්තයට මොකක්ද මේ වෙලා තියෙන්නේ.

    දේශීය කිරි-පිටි නිෂ්පාදකරුවන් දේශීය කිරි පිටි මිලදී ගෙන තමයි කිරි පිටි කර්මාන්තය කරගෙන යන්නේ. දේශීය කිරිවල යම්-යම් කාලවලදී තියෙනවා අඩු-වැඩි වීම්. මේ කාලේ කිරිවල අඩුවීමක් තියෙනවා. මේ කාලසීමාවේ දවසකට කිරි ලීටර් එක්ලක්ෂ හැත්තෑපන්දහසක් වගේ ප්‍රමාණයක් තමයි එකතු කරන්නේ. එතකොට අපේ නිෂ්පාදන ඒ ප්‍රමාණයට සීමා වෙනවා. අපි දේශීය කිරි පිටි සමාගමක් හින්දා අපි සම්පුර්ණයෙන්ම අපේ අමු ද්‍රව්‍ය දේශීයව එකතු කරගන්න හින්දා අපේ නිෂ්පාදනය අඩුකමක් මේ දවස්වල තියෙනවා. ඒ හැරෙන්න වෙන ලොකු විශේෂ දෙයක් සිද්ධ වෙලා නැහැ. 

    මේ තත්වයෙන් මිදෙන්න තව කොයිතරම් කාලයක් ගතවෙයි කිලයද ඔබ විශ්වාස කරන්නේ.

    රජයට වැඩ පිළිවෙළක් තිබ්බා 20-20වල ස්වයංපෝෂිත වෙන්න. අපි 2025 දක්වා අපි කල්යවලා තියෙනවා. ඇත්තටම මේක මිල්කෝ ආයතනයට විතරක් සම්බන්ධ වැඩපිළිවෙළක් නොවෙයි. රජයට සම්බන්ධ වැඩපිළිවෙළක්. රජයට යම්කිසි වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ මේ රට ස්වයංපෝෂිත කරන්න කිරිවලින්. ඒකට අයිති, ඒ අවශ්‍ය ප්‍රතිපාදන දැනට රජය විසින් කරලා තියෙනවා. මේ වැඩපිළිවෙළ කරගෙන යනවා ඉදිරියට. අර ඉලක්ක දින එක ටිකක් පහු වෙලා තියෙනවා එච්චරයි වෙලා තියෙන්නේ.

    දේශීය කිරි නිෂ්පාදනය කර්මාන්තයක් ලෙස නංවන්න, දියුණු කරන්න තියෙන වැඩපිළිවෙළ මොකක්ද?

    අපි දැනට අපේ අඹේවෙල කිරි කර්මාන්ත ශාලාව නවීකරණය කළා. අපිට ඉස්සෙල්ලා තිබ්බේ කිරි ලීටර් ලක්‍ෂයක ධාරිතාවක්. නවීකරණය කළ කර්මාන්ත ශාලාවේ කිරි ලීටර් ලක්‍ෂ දෙකහමාරක ධාරිතාව වැඩිවෙලා තියෙනවා. නිෂ්පාදනය කරන්න පුලුවන්. එතකොට අපේ කිරි නිෂ්පාදන ධාරිතාව දැනට හාර ලක්‍ෂ පනස් දහසක් පමණ වැඩි වෙලා තියෙනවා. නමුත් දැනට අපි කිරි එකතු කරන්නේ එක්ලක්‍ෂ හැත්තෑ පන්දහසක් පමණ. ඉතිං අපිට මේ ධාරිතාවය තියෙනවා ඉදිරියට යන්න පුළුවන්. මීට අමතරව තව අවුරුදු 10ක 15ක අවශ්‍යතාවයක් හඳුනාගෙන අපි බඩල්ගම අලුත් කර්මාන්ත ශාලාවක් ඉදිකර ගෙන යනවා. 2020 මැයි වෙනකොට අපි මේක විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපිට ලක්‍ෂ දෙකක වගේ ධාරිතාවක් එනවා. එතකොට ලක්‍ෂ 4ක ධාරිතාවක් එනවා. මිල්කෝ ආයතනය රාජ්‍ය ආයතනයක්. දේශීය ආයතනයක් වශයෙන් අපි මේ ඉදිරියට වෙන කිරි නිෂ්පාදනය වැඩිවුණොත් ඒකට සූදානම් වෙලා ඉන්නේ දැනට.

    Last modified on සෙනසුරාදා, 02 මාර්තු 2019 20:36

    Latest News