මව්බිම ධර්ම ප්‍රචාරක මූලස්ථානයක් කිරීම මගේ වගකීමයි..

මාර් 03, 2019

    අපේ රට එදා මෙන්ම අදත්, හෙට දවසේත් මුළු මහත් ලෝකයටම ථෙරවාදි බුදු දහම බෙදාහරින ධර්ම ප‍්‍රචාරක මූලස්ථානය බවට පත් කිරීමට වත්මන් රාජ්‍ය නායකයා ලෙස තම වගකීම් ඉටුකරන බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ පේරාදෙණිය, ඊරියගම, ශ‍්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව සද්ධර්මරාජ බුද්ධගයා මහා ස්තූපරාජයාණන් වහන්සේ විවෘත කිරීමේ පුණ්‍යෙත්සවයට ඊයේ (02) පස්වරුවේ එක්වෙමිනි.

    ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අපේ රටේ ඉතිහාසය, සංස්කෘතිය සහ බෞද්ධ උරුමයන් පිළිබඳ අභිමානයෙන් සහ ගෞරවයෙන් කතා කළ හැකිව තිබෙන්නේ ථෙරවාදි බුදුදහම පිළිබඳ මූලස්ථානය බවට එදා අපේ රට පත්ව තිබූ නිසා බවයි.

    එම උතුම් දායාදය සුරක්ෂිත කරමින් ලොව පුරා සියලු බෞද්ධ ජනතාව අතර බෙදා හැරීම අද දවසේ ද වගකීම බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    එමෙන්ම බුරුමයේ වැඩවෙසෙන ශ‍්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලාට වැඩවිසීමට ස්ථානයක් නොමැතිවීම පිළිබඳ මහා සංඝරත්නය මෙහිදී කළ ඉල්ලීම පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා කියා සිටියේ ඒ පිළිබඳ ඉදිරියේ දී බුරුම රජය සමග රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමින් සාකච්ඡුා කර අවශ්‍ය වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන බවයි.

    Last modified on ඉරිදා, 03 මාර්තු 2019 08:27

    Latest News