“රයිගම් ටෙලීස්“ විශිෂ්ටතා සම්මාන 16ක්, ජාතික රූපවාහිනිය නිර්දේශිතයි

මාර් 02, 2019

    මෙවර “රයිගම් ටෙලීස්“ සම්මාන උළෙලේ විශිෂ්ටතා සම්මාන 39න් 16ක් සඳහා ජාතික රූපවාහිනිය නිර්දේශ වී තිබේ.

    ඊයේ පැවති නිර්දේශිත නාම එළිදැක්වීමේ උළෙලේ දී මේ බව ප්‍රකාශ කෙරිණ. සම්මාන උළෙල ලබන 23 වැනිදා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ. මෙවර සම්මාන උළෙල පැවැත්වෙන්නේ 15 වැනි වරටයි.

    විශිෂ්ට රූපවාහිනී මාධ්‍ය කලාවක් උදෙසා උරදෙන ශිල්පීන්ගේ හා මාධ්‍ය ආයතනවල දායකත්වය ඇගැයීම, සම්මාන උළෙලේ අරමුණයි. ජාතික රූපවාහිනියේ නිර්මාණකරුවන් රැසක් මෙවර “රයිගම් ටෙලීස්“ සම්මාන උළෙලට නිර්දේශ වී තිබීම විශේෂත්වයක්. ජාතික රූපවාහිනියේ “මුතුහර“ සහ පිපුණු මලක රුව“ යන වැඩසටහන් වසරේ විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩසටහන් අතරට නිර්දේශ වී තිබේ.

    “බියොන්ඩි ද බවුන්ඩරීස්“ සහ “බ්‍රැන්ඩිකිස් රසදිය කුසලාන“ වසරේ විශිෂ්ටතම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන් අතරට නිදේශිතයි. විශිෂ්ටතම අධ්‍යාපන වැඩසටහන් අතර නිර්දේශ වූයේ “රංගභූමි“ සහ “සෙල්ෆි“ වැඩසටහන්වේ. “ද ඉන්වෙස්ටර්-2018“ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් අතරට සහ දුම්රියේ ගැටෙන අලි පිළිබඳ “සොබාධාරා“ වැඩසටහන හා “සියපතක ගමනාන්තය“ විශිෂ්ටතම වාර්තා වැඩසටහන් අතරට නිර්දේශ වී ඇත.

    “ටෝන් පොයම්“ වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගීත වැඩසටහන් අතරට නිර්දේශිතයි. විශිෂ්ටතම රූපවාහිනී හඬකැවීම් වැඩසටහන් ලෙස නිර්දේශ වී තිබෙන්නේ, ජාතික රූපවාහිනියේ “දහම සොයා“ සහ “පුංචි ස්ටුවර්ට්“ යන වැඩසටහන්. “අරුම පුදුම රෝද හතර“ රූපවාහිනී සඟරාමය වැඩසටහන් අතරට නිර්දේශ වී තිබේ.

    වසරේ විශිෂ්ටතම රූපවාහිනී දමිල ප්‍රවෘත්ති නිවේදිකාවන් දෙදෙනෙකු නේත්‍රා නාලිකාවෙන් නිර්දේශ වී ඇති අතර, වසරේ විශිෂ්ටතම රූපවාහිනි සිංහල සම්ප්‍රවේශක කාණ්ඩවල සියලු දෙනා නිර්දේශ වී ඇත්තේ නේත්‍රා, අයි නාලිකාව සහ ජාතික රූපවාහිනියෙන් වීම විශේෂත්වයක්. විශිෂ්ටතම සම්ප්‍රවේශයකන් අතරට සහ වසරේ විශිෂ්ටතම රූපවාහිනි ප්‍රවෘත්ති විකාශ අතරට ජාතික රූපවාහිනියේ සිංහල ප්‍රවෘත්ති විකාශය නිර්දේශිතයි.

    ජාතික රූපවාහිනියේ විකාශය වූ “බැද්දට සඳ, පෝටා වැටිය, මී කූඩුව සහ පුණ්‍යානිසංස යන නාට්‍ය අංශ කිහිපයකින් මෙවර රයිගම් සම්මාන උළෙලේ ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන සඳහා නිර්දේශ වී තිබේ.

    Latest News