මිල්කෝ ඩීසල් වංචාව ගැන CID පරීක්ෂණයක්

සැප් 19, 2022

    අබේවෙල කිරි කර්මාන්ත ශාලාවේ සිදුව ඇති ඉන්ධන වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව, මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා මහතා පවසයි. 

    2019 වසරේ සිට එම ආයතනයේ ඩීසල් ලීටර එක් ලක්ෂ 32,000 කට අධික ප්‍රමාණයක් වංචනික ලෙස අලෙවි කර ඇති බවටයි, මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ. 

    මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා මහතා, ඊයේ අබේවෙල කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

    එහිදී කර්මාන්ත ශාලාවේ කටයුතු සොයා බලා සේවකයින් සමග ද සාකච්ඡා කරන ලදී.  එහිදී, සභාපතිවරයා ‍කියා සිටියේ, කාර්යක්ෂමව සහ අවංකවම සේවය කර ආයතනය ලාබ ලබන තත්වයකට ගෙන ඒමට සේවකයින් කටයුතු නොකල හොත්, එය පුද්ගලීකරණය කිරීමේ අවදානමක් ඇති විය හැකි බවයි.

    Latest News