බිඳ වැටුණු මිල්කෝ නිෂ්පාදන ධාරිතාව යළි ඉහළ නංවනවා...සභාපති (වීඩියෝ)

පෙබ 22, 2020
  • යහපාලන රජය කිරි ගොවීන්ට මුදල් නොගෙවීම නිසා දේශීය කිරි කර්මාන්තය බිඳ වැටී ඇතැයි, මිල්කෝ සමාගම පවසයි.

    එහි සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ, මේ හේතුවෙන් කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලා ද ක්‍රියා විරහිත කිරීමට සිදුව ඇති බවයි. කිරිපිටි ආනයනය සඳහා වසරකට රුපියල් කෝටි 5,500ක් වැය වේ. වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ, කිරි පිටි පරිභෝජනය රෝග රැසකට හේතුවන බවයි.

    ළමා රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය....

    “ලෝක සෞඛ්‍ය සංවිධානයත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත්, යුනිසෙෆ් සංවිධානයත් ඇතුළු ජාත්‍යන්තරව සෞඛ්‍ය පිළිබඳ තියෙන සියළුම සංවිධාන කියනවා කිරි, පිටි කියලා හඳුන්වන මේ රසායනික ද්‍රව්‍ය නිසා සියළුම ඉන්ද්‍රීයන්ට සියළුම රෝග සෑදිය හැකියි. මොලය දුර්වීම, මානසික ආබාධ සිට පිළිකා දක්වා සියලුම රෝග තියෙනවා“ යැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පැවසීය.
    එසේ නම් කළ යුත්තේ, දේශීය කිරි කර්මාන්තය ඉහළ නැංවීමයි. එහෙත්, ඉකුත් යහපාලන රජයේ නිසි කළමනාකරණයක් නොමැතිවීම හේතුවෙන් කිරි කර්මාන්තය බිඳ වැටීමකට මෙන්ම, විශාල පසුබෑමකට ද ලක්ව තිබේ.

    Mmr px 900 22 02 20

    කිරි ගොවීන්...

    කිරි දීලා වෙලාවට සල්ලි ලැබුණේ නැත්නම් වැඩක් නැහැනේ. කවුරුවත් ඇවිල්ලා මේ ගැන කතාකෙරුවෙත්, බැලුවෙවත් නැහැ.
    අපිට කිරි සල්ලි වෙලාවට හම්බ වුණේ නැති ප්‍රශ්න තමයි.

    මිල්කෝ ආයතනය මෙරට කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා ප්‍රමුඛ දායකත්වයක් සපයන විශ්වසනීය ආයතනයක් ලෙසයි, මිල්කෝ ආයතනය සැලකෙන්නේ. මේ වනවිට එහි කිරි නිෂ්පාදන අවම වී තිබේ. ඒ ගොවීන් සපයන කිරි, ප්‍රමාණවත් නොවීමෙන්.

    මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා...

    “කිරි ගොවියන්ට ලැබෙන වැටුප වගේ තමයි මේ කිරිවලට ලැබෙන ගෙවීම. මේක අවුරුදු තුනක් තිස්සේ ප්‍රමාද වුණාම ඔවුන් පෙළඹිලා තියෙනවා මිල්කෝ ආයතනයෙන් ඉවත්ව වෙනත් ආයතනවලට කිරි ලබාදෙන්න. නිෂ්පාදන ධාරිතාව දවසකට කිරි ලීටර් ලක්‍ෂ හතරකට වැඩියි. අපට දැනට ලැබෙන්නේ ලක්‍ෂ එකහමාරකට වඩා අඩු කිරි ප්‍රමාණයක්. අපේ කර්මාන්ත ශාලාවලින් හතරෙන් තුනක් තියෙන්නේ නිංක“ යැයි ලසන්ත වික්‍රමසිංහ මහතා පැවසීය.

    ඉන් මිදීමට මිල්කෝ ආයතනයේ නව කළමනාකාරීත්වය පියවර රැසක් ගෙන තිබේ. දේශීය කිරි කර්මාන්තය ඉහළ නැංවීමෙන් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම නිරෝගී ජනතාවක් බිහි කිරීමට ද හේතුවනු ඇත.

    Last modified on ඉරිදා, 23 පෙබරවාරි 2020 15:16

    Latest News