“ස්කන්ධ රාජා“ වාහනවලට පහර දෙයි....(වීඩියෝ)

මාර් 06, 2022
  • බුත්තල-කතරගම මාර්ගය වැටී තිබෙන්නේ, යාල ජාතික වනෝද්‍යානය හරහා.

    මේ තොරතුර, මේ දිනවල එහි රැඳී සිටින අමුත්තෙක් ගැන. බුත්තල-කතරගම මාර්ගයේ ගමන් කරන බොහෝ දෙනෙක් දන්නවා, ඒ දෙපස අලීන් කිහිප දෙනෙක් රැඳී සිටින බව. වාහනවලින් යන එන අය කෑම බීම දෙන නිසාම, වන අලීන් නිතර මාර්ගය දෙපස රැඳී සිටිනවා. විශාල ඇතෙක් ද මෙම මාර්ගය දෙපස සැරිසරන ආකාරය අපේ කැමරා කාචයේ සටහන් වුණා. වනජීවි ජායාරූප ශිල්පීන් අතර ඉතා ප්‍රසිද්ධ “ස්කන්ධ රාජා“ නමැති මේ ඇතා, මාර්ගයේ ගමන් ගන්නා යතුරු පැදිවලට හා වාහනවලට පහරදීමට උත්සහ දරන බවයි, වනජීවි නිලධාරීන් පවසන්නේ.

    එම නිසා, ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, වන අලීන්ට ආහාර දීමෙන් වළකින ලෙසයි. වන අලීන්ට ආහාරදීමට යාමෙන් සිදුවූ අනතුරු රැසක්, වනෝද්‍යාන ආශ්‍රිතව පසුගිය දිනවල වාර්තා වුණා.

    Last modified on අඟහරුවාදා, 08 මාර්තු 2022 16:48

    Latest News