කාලගුණය වෙනස් වෙයි

මාර් 05, 2022

    නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඊයේ (04) රාත්‍රී 11.30 වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, ත්‍රිකුණාමල වෙරළට කි.මී. 220 ක් ඊසාන දෙසින් ස්ථානගතව පැවතුන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මෙම පද්ධතිය ඉදිරි පැය 36 ක කාලය තුල ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළට ආසන්නයෙන් වයඹ දෙසට බරව ගමන් කර, ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළදෙසට ගමන් කරනු ඇති බව අපේක්ෂා කර බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

    උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වේ.

    ඌව පළාතෙත් රත්නපුර, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    හම්බන්තොට සහ අම්පාර දිස්ත්‍රික්කවල උදේ කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව දන්වා තිබේ.

    උතුරු පළාතෙත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 40-50ත් දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    Latest News