විදුලි කප්පාදුව අවම වන ලකුණු

මාර් 05, 2022

    අද (05) සිට විදුලි කප්පාදුව අවම කරන බවත්, ඒ අනූව ඉන්ධන තොග පවතින ප්‍රමාණය අනුව විදුලිය විසන්ධි වීමේ වෙනස්කමක් සිදුවිය හැකි බවත් මහජන උපයෝගිතා කොමිසන් සභාව පවසයි.

    ඉන්ධන තොග මත පදනම්ව සැලසුම් කළ විදුලි කප්පාදුව අත්හිටුවීමට හෝ එහි කාලසීමාව අඩු කිරීමට කටයුතු කරන බවයි,එහි සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළේ.

    කෙසේ වෙතත් සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය පිළිබඳ මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙන ආකාරයට අනූව, අද (05) සෙනසුරාදා දිනයේදී P,Q,R,S,T,U,V,W යන කලාපවලට පැය 4ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරේ.

    ඒ උදෑසන 8.30 සිට පස්වරු 5.30 අතර කාලය තුල පැය 3ක කාලයක් සහ සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා වන කාලය අතරතුර පැයක් වශයෙන්. එමෙන්ම E,F යන කලාපවලට පැය 7ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

    ඒ පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පැය 4 ක් වශයෙන් සහ සවස 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය 3ක කාලයක් වශයෙන්.

    Last modified on සෙනසුරාදා, 05 මාර්තු 2022 10:08

    Latest News