කොළඹට අද පැය 14ක ජල කප්පාදුවක්

මාර් 05, 2022

    අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට අද (05) රාත්‍රි 8.00 සිට හෙට පෙරවරු 10.00 දක්වා පැය 14 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි.

    ඒ අනුව එම කාල සීමාව තුළ කොළඹ 07 , 08, 10 , 12 , 13 , 14 සහ 15 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

    එමෙන්ම, කොළඹ 02 , 03 සහ 11 ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය සඳහන් කරයි.

    Latest News