අද උතුරු, උතුරු මැද සහ නැගෙනහිර ට 100mm ඉක්ම වූ වැසි

මාර් 04, 2022

    අද (04) උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවෙදනය කරයි.



    මෙම ප්‍රදේශවල ඇතැම් විට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකිය.

    එමෙන්ම දකුණු, මධ්‍යම සහ ඌව පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතී.

    මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි ය.

    දිවයිනේ නිරිත දිග වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවීමේ හැකියාව පවතී.

    උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40-50ත් දක්වා වැඩිවිය හැකිය.

    Latest News