පැය 8කට බස්නාහිර 1,084ක් අත්අඩංගුවට

පෙබ 28, 2022

    බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකළ විශේෂ මෙහෙයුමකින් විවිධ වැරදිවලට සම්බන්ධයෙන් වරෙන්තුකරුවන් ඇතුලු සැකකරුවන් 1084 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය පවසයි.

    පැය 8 ක කාලයක් තුළ පොලිස් නිලධාරීන් 1667 සහභාගීත්වයෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

    වරෙන්තුකරුවන් 556 දෙනක්, හොරොයින් සම්බන්ධයෙන් සැකකරුවන් 127 දෙනෙක් ද, ගංජා සම්බන්ධයෙන් සැකකරුවන් 71 දෙනෙක් ද, අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 43 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

    නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් 90 දෙනක් වෙනත් වැටලීම්වලින් 20 දෙනකුද අත්අඩංගුවට ගත් පිරිස අතර වෙයි.

    එමෙන්ම, මෙම මෙහෙයුමේ දී හොරොයින් ග්‍රෑම් 126, ගංජා ග්‍රෑම් 170 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 211 ක්, නීති විරෝධී මත්පැන් ලීටර 1473 ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

    Latest News