ඉඩම් නොමැති සෑම අයෙක්ටම ඉඩමක හිමිකම

පෙබ 28, 2022

    මෙරට පුරවැසි භාවය හිමි, ඉඩම් නොමැති සෑම පුද්ගලයෙකුටම ඉඩමක හිමිකම ලබාදීම ජනාධිපතිතුමාගේත්,රජයේත් අපේක්ෂාවයි.

    වවුනියාවේ පැවති ඉඩම් හිමිකම් පත්‍ර පිරිනැමීමේ හා ගැටලු විසදීමේ ජංගම සේවයට ඊයේ එක්වෙමින් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා මේ බව ප්‍රකාශ කළේය.

    ඉඩම් හිමිකම් නොමැති පවුල් 200ක් සඳහා හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරිණ. වවුනියාව, මන්නාරම, මුලතිව් යන දිස්ත්‍රික්කවල ජනතාවගේ ගැටලු විසඳීමේ අරමුණින්, ජංගම සේවාවක් ඊයේ පැවැත්විණ.

    ඒ වවුනියාව, ගාමිණී මහා විද්‍යාලයේ දී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්විය.

    Latest News