පුත්තලම - පරණ අනුරාධපුර මාර්ගයේ නිවසක් තුළ කාන්තාවක් පිළිස්සී මරුට

පෙබ 15, 2022

    පුත්තලම - පරණ අනුරාධපුර මාර්ගයේ අබුසාලී මාර්ගයේ නිවසක් තුළ‍ කාන්තාවක් පිළිස්සී මිය ගොස් ඇත.



    මෙම කාන්තාවගේ අනියම් ස්වාමිපුරුෂයාගේ යැයි සඳහන් කළ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. ඇය භූමිතෙල් වක්කරගෙන සිරුරට ගිණි තබාගෙන මිය ගොස් ඇති බවට අද (15) උදැසන තමන් දුටු බවයි ඔහු පවසන්නේ.

    35 හැවිරිදි දෙදරු මවක් වන මෙම කාන්තාව පුත්තලම නගරයේ ව්‍යරපාරයක් පවත්වාගෙන යන අතර පුත්තලම පරණ මන්නාරම් මාර්ගයේ දකුණු ලුණු මාර්ගයේ පදිංචිව සිට ඇත.

    පුත්තලම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයකින් පරීක්ෂණ සිදු කරණු ලබයි.

    Latest News