‘පරිප්පුවා‘ STF අත්අඩංගුවට

පෙබ 15, 2022

    සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අසංක මදුරංග නොහොත් පරිප්පුවා නමැත්තාව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.



    විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසය වෙත ලැබුණු තොරතුරකට අනුව ඊයේ(14) රාත්‍රියේ සිදු කළ සෝදිසි කිරීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

    කෝන්කඩවල ප්‍රදේශයේ දී අසංක මදුරංග නමැත්තාව මෙලෙස අත්අඩංගුවට ගැනුණු අතර ඔහු සතුව තිබී ජීව අත්බෝම්බයක් ද සොයා ගෙන ඇත. අපරාධ රැසක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබුණි.

    අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙම සැකකරුව වැඩිදුර විමර්ශන සදහා අඹන්පොල පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ

    Latest News