ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීමට අනුමැතිය

පෙබ 08, 2022

    ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලබා දීමට එකඟ වී ඇති ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සඳහා අමත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින්.
    ජෛවමිතික දත්ත මත පදනම්ව පුද්ගල අනන්‍යතාව තහවුරු කිරීමේ උපකරණයක්, සයිඉර් අවකාශය තුළ පුද්ගලයින්ගේ අනන්‍යතාව නියෝජනය කළ  හැකි ඩිජිටල් මෙවලමක් මේ යටතේ හඳුන්වා දීමට නියමිතයි.
    එම උපකරණ දෙක සම්බන්ධ කිරීම මගින් ඩිජිටල් සහ භෞතික පරිසරයන් තුළ පුද්ගල අනන්‍යතාව නිශ්චිතවම තහවුරු කළ හැකි හඳුනා ගැනීමක් මේ යටතේ හඳුන්වා දෙනු ලබයි.

    Latest News