'මෙරට, එන්නත්කරණය ආරම්භකර 29 වැනිදාට වසරක්' - සෞඛ්‍ය ඇමති

ජන 25, 2022

    ඉදිරියේදී කොරෝනා එන්නත් මාත්‍රා 3ම ලබා ගත් අය පමණක් පූර්ණ එන්නත්කරණය ලැබූවන් ලෙස සලකන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි.

    ඊට අදාළ ගැසට් නිවේදනය ද කඩිනමින් නිකුත් කරන බවයි, අමාත්‍යවරයා පවසන්නේ. සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් අතර ඊයේ (24) පැවති විශේෂ සාකච්ජාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.


    කොවිඩ් 19 වෛරස මර්දනය කිරීම සඳහා එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කර මේ 29 වැනිදාට වසරක් සපිරේ. එදිනට කොවිඩ් වසංගතය මෙරටින් තුරන් වෙන්නැයි පතා පහනක් දල්වන්නැයි ද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    එදිනට (29) දිවයින පුරා මධ්‍යස්ථාන 1000කදි කොරෝනා එන්නත් තුන්වන හෙවත් වර්ධක මාත්‍රාව ලබාදීමේ විශේෂ වැඩපිලිවෙලක් ආරම්භ කරන බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    එමෙන්ම, පූර්ණ එන්නත්කරණයට ලක්වූ පිරිස හඳුනාගැනීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වාදීමට රජය සැලසුම්කර තිබේ. මෙම ජංගම දුරකතන යෙදවුම සකස්කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර මේ වනවිට ගෙන ඇති බවයි, අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.

    Latest News