ශ්‍රී ලංකන් - කරච්චි,ලාහෝර් ගුවන් ගමන් අත්හිටුවෙයි

පෙබ 27, 2019

    පකිස්තානයේ කරච්චි හා ලාහොර් ශ්‍රී ලංකන් ගුවන් ගමන් හෙට (28) දින තාවකාලිකව අත්හිටුවා තිබේ.

    ඉන්දියාව සහ පකිස්තාන දේශසීමා සම්බන්ධයෙන් ඇතිව ඇති උණුසුකාරී තත්වය අනූව පකිස්තානු සිවිල් ගුවන් සේවා ආයතනය විසින් කරච්චි හා ලාහෝර් අතර ගුවන් ගමන් අවලංගු කිරීම ඊට හේතුව බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි. ඒ අනූව, කරච්චි හා ලාහෝර් දක්වා ගමන් කිරීමට ගුවන් ටිකට්පත් මිලදී ගත් මගීන් සිය ගුවන් ටිකට්පත් නියෝජිත ආයතනයෙන් හෝ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වෙබ් අඩවියෙන් www.srilankan.com තොරතුරු ලබා ගන්නා ලෙස දැනුම් දෙයි.

     

    Last modified on බදාදා, 27 පෙබරවාරි 2019 16:31

    Latest News