බ්ලුමැන්ඩල් සංඛගේ ගෝලයෙක් මාට්ටු

පෙබ 27, 2019

    කොළඹ, ආදුරුප්පුවීදිය පොලිස් වසමේ කොරියාවත්ත ප්‍රදේශයේදී අද උදෑසන හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

    හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 460ක් කොළඹ මධ්‍යම කොට්ඨාශ දූෂණ මර්දනය ඒකකට අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අවුරුදු 41ක් වූ ආදුරුප්පුවීදියේ පදිංචි අමානුල් රහුමාන් ශ්‍යාම් නසුල් යන අයවේ. මොහු බ්ලූමැන්ඩස් සංඛ නමැත්තාගේ සමීපතමයෙකි. සැකකරු, අද (27) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    කොළඹ මධ්‍යම කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය වැඩිදුර විමර්ශන පවත්වයි.

    Last modified on බදාදා, 27 පෙබරවාරි 2019 17:59

    Latest News