තෙල් සංස්ථාවේ ඉවත් කළ සේවකයින් යළි සේවයට...ඇමති මහින්ද

පෙබ 06, 2020

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දෛනික වැටුප් පදනම මත සේවය කරමින් සිටි ඉවත් කළ සේවකයින් සියලු දෙනා යළි සේවයට බඳවා ගලු ලබන්නේ, අමාත්‍ය මණ්ඩල අනුමැතිය හා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබීමෙන් පසුවයි.

    එම පිරිස සමග අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ජාවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. පසුගිය රජය සමයේ මෙම පිරිස දෛනික වැටුප් ගෙවීමේ පදනම මත සේවයට බඳවා ගනු ලැබීය. ඔවුන් සේවයට බඳවාගෙන ඇත්තේ, කම්කරු තනතුරු සඳහායි. එහෙත් කම්කරුවන් ලෙස සේවයට බඳවා ගැනීමේ දී ක්ෂේත්‍රයට ගොස් සේවය කිරීමට හැකියාවක් තිබෙන්නේ ද යන්න අමාත්‍යවරයා මෙහිදී විමසීමක් කළේය.

    අධ්‍යාපන සුදුසුකම් මත සුදුසු රැකියාවන්ට බඳවා ගැනීම සිදු කළ යුතු බවත්, මෙම පිරිස අතර කම්කරු තනතුරට වඩා ඉහළ රැකියා සඳහා වුවද සුදුසුකම් සපුරන ලද අය සිටින බවයි, අමාත්‍යවරයා කියා සිටියේ. පිරිස ඉවත් කිරීමෙන් පසු පුරප්පාඩු වූ තනතුරු සඳහා වෙනත් පිරිසක් බඳවා නොගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. මුදල් අමාත්‍යාංශයේ හා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලද වහාම මෙම පිරිස වහාම යළි සේවයට බඳවා ගැනීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 පෙබරවාරි 2020 11:00

    Latest News