ක්‍රෙඩිට්කාඩ් ජාවාරම්කරුවන් තිදෙනෙකුට මාංචු

පෙබ 27, 2019

    දෙස් - විදෙස් පුද්ගලයන්ට අයත් බැංකු කාඩ්පත් උපයෝගී කරගෙන දිවයින පුරා බැංකු සහ සුපිරි වෙළඳසැල් වලින් මුදල් හා භාණ්ඩ ලබා ගන්නා ජාවාරම්කරුවන් තිදෙනෙකු බැංකු කාඩ් 17ක් දඹුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනිණ.

    42 හා 40 වයස්වල පසුවන ඔවුන් හලාවත, කොරයාවත්ත, මයින්කුලම ප්‍රදේශයේ පදංචිකරුවන්. මීට පෙර 2017 වසරේ දී මෙලෙසම විදේශීය ජාතිකයෙකුගේ සහයෝගය ඇතිව අන් අයගේ බැංකු කාඩ්පත් වල රහස් අංක ව්‍යාජ ලෙස සකසා විශාල වශයෙන් මුදල් වංචා කළැයි චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ නඩු පවතින පිරිසක් බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

    මෙම පුද්ගලයන් දෙදෙනාට මාරවිල, මහනුවර, මාතර, ගාල්ල, මතුගම ,දඹුල්ල, කුලියාපිටිය,මෝදර යන අධිකරණයන්හි මුදල් වංචා කිරීම් සිද්ධි සම්බන්ධයෙන් නඩු රැසක් විභාග වෙමින් පවතින බවන බවයි, දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරන්නේ.

    credit card 02

    credit card 03

    credit card 04jpg

    Last modified on බදාදා, 27 පෙබරවාරි 2019 11:31

    Latest News