තරග තහනම ගැන සනත්ගේ හඬ අවදි වෙයි

පෙබ 27, 2019

    හිටපු සුපිරි ක්‍රීඩක සනත් ජයසූරියට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පැනවු වසර 02 ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් ඔහු මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.

    මෙම නිවේදනය ඔහු විසින් සිය ටුවිට්ටර් ගිණුමේ සටහන් කර ඇත.

    හිටපු සුපිරි ක්‍රීඩක සනත් ජයසූරියට සියලු ක්‍රිකට් තහනම පැනවුනේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී නීති සංග්‍රහයේ වගන්ති දෙකක් කඩ කිරීම හේතුවෙනි.

    සනත් ජයසූරිය වරදට ලක්වු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති සංග්‍රහයේ වගන්ති

    නීති සංග්‍රහයේ 2.4.6 වගන්තියට අනුව – අසමත් වීම හෝ ප්‍රතික්‍ෂේප කිරීම: පිළිගත හැකි හේතුවක් නොමැතිව විරෝධී ඒකකය මෙහෙය වූ කිසිදු පරීක්ෂණයකට සහයෝගය නොදැක්වීම සහ පරීක්ෂණයට අදාළ තොරතුරු සහ/හෝ ලේඛන නිවැරදි ලෙස සහ සම්පූර්ණ ලෙස ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම.

    නීති සංග්‍රහයේ 2.4.7 වගන්තියට අනුව – විරෝධී නීතිය යටතට ගැනෙන හෙළි කර ගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණයට අදාළ හෝ පරීක්ෂණයේ සාක්ෂි විය හැකි වාර්තාවක් හෝ වෙනත් තොරතුරක් හෙළිදරව් නොකිරීම, වෙනස් කිරීම හෝ විනාශ කිරීම හෝ විරෝධී ඒකකය මගින් ක්‍රියාත්මක කළ පරීක්ෂණයට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම.

    මෙම වගන්ති අනුව සනත් ජයසුරිය නිකුත් කල නිවේදනය -

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මර්දනය ඒකකය තමන් සම්බන්ධයෙන් කළ පරික්ෂයේදි සිය සිම් කාඞ්පත සහ ජංගම දුරකතනය කඩිනමින් පරීක්‍ෂණයන්ට යොමු නොකිරීම සම්බන්ධයෙන් චෝදනාව එල්ල වී ඇති බවයි.චෝදනා හෝ තරග පාවාදිම් සහ රහසිගත තොරතුරු අනාවරණ කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නොමැති බව ඔහු නිවේදනයෙන් පවසා සිටි.සිය ක්‍රී දිවියේ මෙතෙක් උපරිම අවංක භාවයෙන් ක්‍රීඩා කළ බව ඔහු පවසයි. රට ප්‍රමුඛව තබමින් තමන් සෑම විටම ක්‍රියා කළ බවත් සිය නිවේදනයෙන් වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත.

    sanath px 900 19 02 27

     

    මේ පිළිබඳව සනත්ගෙ සමාජ මාධ්‍ය ඇඩ්මින්වරයාගේ ප්‍රකාශය

    සනත් ජයසූරියට අවුරුදු දෙකක් ක්‍රික්ට් තහනම්. 

    ඔව්!

    මිටි තැනින් වතුර බැස ගිහින්. අහුවෙච්ච දෙයක් නැතිකොට කරපු පාවදීමක් නැතිකොට අහුවෙන්න කෙනෙක් කෙනෙක් නැතිකොට සහෝගය නොදැක්වීම යටතේ වරදකරුවා වී ඇත. සනත් කියන්නෙ ක්‍රික්ට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක්. ඒකට අටුවාටීක අවශ්‍ය නැ.

    Latest News