අධික වේගය නිසා පොල්ගස්ඕවිට ත්‍රීරෝද රථයක් අනතුරක (CCTV)

ජන 13, 2022
  • කහතුඩුව පොල්ගස්ඕවිට ප්‍රදේශයේ දී එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් අද (13) පෙරවරුවේ අනතුරට ලක්වෙන අයුරු CCTV කැමරාවක සනිටුහන්ව තිබුණි.

    අධික වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථය මාර්ගය හරහා ගොස් විදුලි කණුවක ගැටීමෙන් අනතුරට ලක්වෙන අයුරු එහි දැක්වේ.

    අනතුරින් එහි ගමන්ගත් මව සහ දියණිය බරපතළ තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව කහතුඩුව පොලීසිය පවසයි.

    හොරණ සිට කොළඹ දෙසට පැමිණෙමින් තිබු ත්‍රිරෝද රථය අධික වේගයෙන් පැමිණීම හේතුවෙන් රියදුරුට පාලනය කර ගත නොහැකිව අනතුර සිදුව ඇතැයි වාර්තා වේ.

    Latest News